නම් දෙන්නටත් කලින් එජාපයේ කටවුට් ගිනි තැබීම ඇරඹේ
එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක නීතිඥ පී.එන්.ගුණවර්ධන මහතාගේ නාත්තන්ඩිය නගරයේ පිහිටි කාර්යාලය ඉදිරිපිට සවි කර තිබූ ප්...
https://citynewslivelk.blogspot.com/2015/07/blog-post_8.html
එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක නීතිඥ පී.එන්.ගුණවර්ධන මහතාගේ නාත්තන්ඩිය නගරයේ පිහිටි කාර්යාලය ඉදිරිපිට සවි කර තිබූ ප්‍රචාරක පුවරු 04 කට කිසියම් පිරිසක් හානි කර ඇති බව මාරවිල පොලීසිය පවසනවා. නාත්තන්ඩිය - කුලියාපිටිය මාර්ගයේ පිහිටි ඉඩමක මෙම කාර්යාලය පිහිටා ඇත. 03 වැනිදා රාත්‍රීයේ මෙම සිද්ධිය සිදු වන්නට ඇති බවටයි පොලීසිය විශ්වාස කරන්නේ.
මේ අතර හලාවත - බංගදෙණිය මංසන්ධියේ සවි කර තිබූ වයඹ පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාගේ ප්‍රචාරක පුවරුවකටද 03 වැනිදා රාත්‍රීයේ ගිනි තබා ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.






