මහ ඡන්දෙට නම් දීම හෙට මධ්‍යහ්න 12න් අවසන්
අගෝස්තු මස 17 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා නාම යෝජනා භා ගැනීම හෙට මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යා...
https://citynewslivelk.blogspot.com/2015/07/last-day-of-namination.html
අගෝස්තු මස 17 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා නාම යෝජනා භා ගැනීම හෙට මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ හෙට නාම යෝජනා භාරදීමට නියමිතයි.
මේ වන විට දේශපාලන පක්ෂ රැසක් සාම යෝජනා භාරදී ඇති බවත් ස්වාධීන කණ්ඩායම් කිහිපයක්ම ඇප මුදල් තැන්පත් කර ඇති බවත් වාර්තා වනවා. ඒ අනුව පසුගිය සිකුරාදා වන විට පිළිගත් දේශපාලන පක්ෂවලින් නාමයෝජනා පත්‍ර 47ක් ලැබී තිබූ බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසන්නේ. නාමයෝජනා පත්‍ර 111ක් ස්වාධීන කණ්ඩායම්වලින් එදින වන විට ලැබී තිබූ බවද එම කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.

