newssabaragamuvacom

සබරගමුවට නව නිවාස ව්‍යාපෘතියක්

රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ නිවාස අහිමි පවුල් ඒකක ඉලක්ක කරගනිමින් නව නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට සබරගමුව පළාත් සභාව කටයු...

රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ නිවාස අහිමි පවුල් ඒකක ඉලක්ක කරගනිමින් නව නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි.

මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ සබරගමුව පළාත තුළ නිවාස අහිමි පවුල් ඒකක ග්‍රාම සේවා වසම් මට්ටමින් හඳුනාගෙන එම පවුල් ඒකක සඳහා ප්‍රදේශවාසීන්, ධන පරිත්‍යාගශීලීන් සහ සබරගමුව පළාත් සභා අරමුදල් යොදවා නව නිවාස , ඉදි කිරීමට කටයුතු කර ඇත.රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ , ග්‍රාමීය මට්ටමින් නිවාස සමිති පිහිටුවීමට ද මේ යටතේ කටයුතු කර ඇත. 

දැනට, සබරගමුව පළාත් සභාව මඟින් රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකේ අඩු ආදයම්ලාභීන් හා සමෘද්ධිලාභීන් වෙනුවෙන් රුපියල් දසදහසත්(10,000/-) විසිදහසත්(20,000/-) අතර මුදලක් ඔවුන්ගේ නිවාස ඉදි කිරීම සදහා ආධාර වශයෙන් ලබා දෙයි.

එම මූල්‍ය ප්‍රදානයන් අදාළ නිවාස ඉදිකිරීම් වෙනුවෙන් ප්‍රමාණවත් නොවීම සහ එලෙස ලබා ගන්නා නිවාස ආධාර වෙනත් කාර්යයන් සදහා නිවාසාධාරලාභීන් යොදාගන්නා නිසා මෙම තීරණය ගන්නා බව සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා සඳහන් කරයි.

මෙම වර්ෂය සඳහා මෙලෙස මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීම පසුගිය දා ( 05) කෑගල්ල ප්‍රධාන අමාත්‍ය නිල නිවසේ දී සිදු විය.

මේ යටතේ රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙක සඳහා රුපියල් දසදහසත් , විසිදහසත් අතර මුදලක් මූල්‍යාධාර වශයෙන් පවුල් ඒකක 1800 කට රුපියල් ලක්ෂ 128 ක් ප්‍රදානය කරනු ලැබීය.

නව වැඩපිළිවෙළ යටතේ, ප්‍රදේශවාසීන් ,ධන පරිත්‍යාගශීලීන් හා සබරගමුව පළාත් සභාව මගින් අංග සම්පූර්ණ නිවසක් ලබා දීමට කටයුතු කරන බව සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම නිවාස ආධාර ප්‍රදානය කිරීමේ නිල අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරු එක්ව සිටියහ.








Related

Sg News 8266482588325876005

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item