newssabaragamuvacom

පින්නවලට එක්වන අලුත්ම ගම්මානය

සබරගමුව පළාත් සභාව මගින් ක්‍රියාවට නංවා ඇති කෑගල්ල පින්නවල තේමා ගම්මානය (සාම්ප්‍රදායික ඉපැරණි අපේ ගම / Theme park) ලබන ඔක්තෝම්බර් මසදී දෙ...

සබරගමුව පළාත් සභාව මගින් ක්‍රියාවට නංවා ඇති කෑගල්ල පින්නවල තේමා ගම්මානය (සාම්ප්‍රදායික ඉපැරණි අපේ ගම / Theme park) ලබන ඔක්තෝම්බර් මසදී දෙස් විදෙස් සංචාරකයින්ට ඒ සඳහා විවෘත කෙරේ.

පින්නවල මා ඔයට හා සත්ව උද්‍යානයට යාබද පින්නවල අලි අනාථාගාරය ආසන්නයේ මෙම තේමා ගම්මානය ඉදි කර ඇත.

අක්කර හතරක වපසරියකින් යුත් මෙම ගම්මානය සඳහා සබරගමුව පළාත් සභාව මේ වන විට රුපියල් ලක්ෂ 500 පමණ වැය කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉපැරණි ආර්ථික, සමාජීය , සංස්කෘතික, අධ්‍යාත්මික හා නීතිමය වට පිටාව විද්‍යාමාන වන පරිදි මෙම ඉපැරණි සාම්ප්‍රදායික ගම්මානය ඉදි කර ඇත.

තවද එම සාම්ප්‍රදායික ගම්මානය තුළ අපගේ සාම්ප්‍රධායික ගැමියාගේ ජීවන රටාව ප්‍රතිනිර්මාණය කර මෙම ගම්මානයේ වෙසෙන ගැමියන්ගේ හැසිරීම් ද හැඩගස්වා ඇත.

ආරච්චි නිවස, වෙද ගෙදර, කම්හල් ගෙදර , අත් යන්ත්‍ර රෙදි පිළි නිවස, කෝපි කඩේ, වඩු ගෙදර, ගැමි ගෙදර මෙන්ම වැවෙ දාගැබ, කෙත සහ හේන ද මෙම තේමාගම්මානය තුළදී දෙස් විදෙස් සංචාරකයින්ට නිරීක්ෂණය කළ හැකිය.

සංචාරක කර්මාන්තයට මෙන්ම සාම්ප්‍රදායික ගම්මානය පිළිබඳව හදාරන සිසු දැරියන්ටත් ,විද්‍යාර්ථයින්ටත් ශ්‍රී ලංකාවේ පැවති සාම්ප්‍රදායික ගමක් පිළිබඳව නිවැරදි දැනුමක් අත්දැකීමත්, ආකල්පය මෙම තේමාගම්මානය නැරඹීමෙන් අත්වීදීමට අවස්ථාව උදා වේ.

රඹුක්කන පින්නවල සංචාරක කලාපයේ පිහිටා ඇති මෙම ගම්මානය තුළින් ප්‍රදේශයේ තරුණ ප්‍රජාව වෙත සෘජු හා වක්‍ර රැකියා රැසක් ජනිත වනු ඇතැයි සබරගමුව පළාත් සභාව අදහස් කරයි.

ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන දෙස් විදෙස් සංචාරකයින්ගෙන් සියයට හැත්තෑපහක් පමණ රඹුක්කන පින්නවල සංචාරක කලාපයේ වෙත පැමිණේ.

මෙම තේමාගම්මානයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරිම පසුගිය දා (10) සිදු විය.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් , ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, ප්‍රධාන අමාත්‍යංශ ලේකම් බී.එම්.පී.එන්.බෙලිගම්මන,සහකාර ලේකම්වරුන් වන එම්.බී.එස්.එන්. කුමාරගේ,අනුරුද්ධ බණ්ඩාර යන මහත්වරු ද එක්ව සිටියහ.









Related

Sg News 4311786177683938718

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item