හසිතගේ අඩුව පිරවීමට ආරියවංශ පළාත් සභාවට
අධිකරණ තීන්දුවක් මත සබරගමුව පළාත් සභාවේ මන්ත්‍රී ධූර අහිමි වූ හසිත මුහන්දිරම් මහතාගේ පළාත් සභා මන්ත්‍රී ධුරය සඳහා බී.ආරියවංශ මහතා පත් වෙයි....
https://citynewslivelk.blogspot.com/2015/10/blog-post_5.html
අධිකරණ තීන්දුවක් මත සබරගමුව පළාත් සභාවේ මන්ත්‍රී ධූර අහිමි වූ හසිත මුහන්දිරම් මහතාගේ පළාත් සභා මන්ත්‍රී ධුරය සඳහා බී.ආරියවංශ මහතා පත් වෙයි.
බී.ආරියවංශ මහතා අද (05) රත්නපුර පිහිටි සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
පසුගිය පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සබරගමුව පළාත් සභාවට තේරී පත් වූ හසිත මුහන්දිරම් මහතාගේ මන්ත්‍රී ධූරය අධිකරණය මඟින් ලබා දුන් තීන්දුවක් මත අහෝසි විය.
එම මැතිවරණයෙන් තරඟ කර මනාප 13,800 ක් ලබා එක්සත් ජාතික පක්ෂ මනාප ප්‍රතිඵල ලේඛණයේ ඉදිරියෙන් සිටි බී.ආරියවංශ මහතා වෙත මෙම සබරගමුව පළාත් සභා මන්ත්‍රී ධුරය හිමි විය.
බී.ආරියවංශ මහතා මීට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළොන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකු මෙන්ම විපක්ෂ නායකවරයෙකු වශයෙන් ද කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඉෆ්ලාර් එම්.යෙහියා , පී.අබේනායක, අජිත් කුමාර මැද්දේගම යන පළාත් සභා මන්ත්‍රීවරුන් සහ සභා ලේකම් පාලිත නානායක්කාර යන මහත්වරු ද එක්ව සිටියහ.


