newssabaragamuvacom

යෝෂිත ඇතුළු 5 ට ඇප නෑ - ලබන 25 තෙක්‌ යළි රිමාන්ඩ්

රාජ්‍ය දේපළ අයථා අන්දමින් භාවිතා කිරීම, හේතු හෙළි කළ නොහැකි මුදල් යොදවා සී.එස්‌.එන්. නාලිකාව පවත්වාගෙන යැම ඇතුළු මුදල් විශුද්ධිකරණ පනත ය...

රාජ්‍ය දේපළ අයථා අන්දමින් භාවිතා කිරීම, හේතු හෙළි කළ නොහැකි මුදල් යොදවා සී.එස්‌.එන්. නාලිකාව පවත්වාගෙන යැම ඇතුළු මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ මහතා ඇතුළු සැකකරුවන් පස්‌දෙනා මෙම මස 25 දා දක්‌වා නැවත රක්‍ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙස කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල මහතා ඊයේ (11) නියෝග කළා.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ, හිටපු ජනපතිගේ මාධ්‍ය උපදේශක සී.එස්‌.එන්. නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට, එහි විධායක අධ්‍යක්‍ෂ නිශාන්ත රණතුංග, අශාන් ප්‍රනාන්දු සහ කෞෂාන් දිසානායක යන පස්‌ දෙනායි. මීට අමතරව සී.එස්‌.එන්. සමාගම සහ එල්.ඕ.එල්.සී. සමාගම විත්තිකරුවන් වශයෙන් නම්කර තිබිණි.

විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා ප්‍රමුඛ නීතිඥ කණ්‌ඩායමක්‌ පෙනී සිටි අතර මෙහිදී ඇප අයැදුම්පත්‍රය ඉදිරිපත් කර තිබුණි.

සැකකරුවන් රඳවා සිටින කුටියට යාබද කුටියේ තිබී බන්ධනාගාර නිලධාරීන්ට ජංගම දුරකථනයක්‌ හමුවී ඇති අතර එය මෙම සැකකරුවන් විසින් භාවිත කර ඇතැයි සැකකරන බැවින් එය බන්ධනාගාර අධිකාරිවරයා විසින් මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරි අරුණ ප්‍රේමශාන්ත මහතා වෙත ලබාදී නඩු භාණ්‌ඩයක්‌ ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබිණි. එම ජංගම දුරකථනයේ තොරතුරු ලබා ගැනීමට බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි හදිසි ප්‍රතිචාර සංසදය වෙත යොමුකරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

රජයේ මුදල් වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා ආධාර අනුබලදීම, කූඨ ලේඛන සකස්‌ කිරීම, රජයේ මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීම, රජයේ මුදල් සාවද්‍ය සාවද්‍ය පරිහරණය යන චෝදනා මෙම සැකකරුවන්ට එල්ලවී තිබෙනවා. 

මීට අමතරව එල්.ඕ.එල්.සී. සමාගම සැකකරුවෙකු වශයෙන් නම්කර පසුගිය 10 දින සිතාසියක්‌ තමන් වෙත ලැබුණු බවත් එහෙත් තමන් සැකකරුවකු නොවන අතර මුල් චෝදනා පත්‍රයේ තමන් එසේ නම්කර නොමැති බවට කරුණු අධිකරණයට වාර්තා වූ අතර 2011 වර්ෂයේ මැයි මාසයේ සී.එස්‌.එන්. සමාගමට රුපියල් මිලියන 50 ක ණයක්‌ එල්.ඕ.එල්.සී. සමාගමෙන් ඉල්ලා සිටි බවත් එය සුරැකුමක්‌ වශයෙන් සී.එස්‌.එන්. නාලිකාවට ලබාදී ඇති අතර බැඳුම්කර දෙකක්‌ මත ලබාදුන් බවත් හෙළිකර ඇත. එම ණය මුදලින් කොටසක්‌ මේ වන විට ගෙවා ඇති අතර තවත් මිලියන 22 ක ඉතිරි මුදලක්‌ තම සමාගමට ගෙවිය යුතු බවත් එය ගෙවීම සඳහා 2016.10.06 දක්‌වා ඉදිරියට දින ඇති බවත් එල්.ඕ.එල්.සී. සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසීය.

තම සමාගම කර ඇත්තේ ක්‍රියාපටිපාටිය අනුව මුදල් තැන්පතු ලබා ගැනීම අවශ්‍ය අයට ගෙවීම් කිරීමයි. මේක මූල්‍ය ආයතනයක සාමාන්‍ය ක්‍රියාදාමයයි. මෙය වරදක්‌ බවට මහ බැංකුව තමන්ට චෝදනා කර නොමැති අතර මෙම චෝදනාවෙන් තම ආයතනය ඉවත්කරන ලෙසත් එම නීතිඥවරයා ඉල්ලා සිටියේය.

විත්තිකරුවන්ට එල්ල වී ඇති චෝදනා සියල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු නිමාවී නොමැති හෙයින් සියලුම විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම් ප්‍රතික්‌ෂේප විය.

ලබන 25 දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් එතෙක්‌ සියලුම සැකකරුවන් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගතකර තබන ලෙසත් මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙහිදී මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අරුණ ප්‍රේමශාන්ත මහතා ප්‍රමුඛ එහි ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සෙනවිරත්න, ඒකක 3 ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සමරනායක, පොලිස්‌ පරීක්‍ෂක කුමාරසිරි, පොලිස්‌ සැරයන් (25284) සුදන්ත යන නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.

Related

News Alert 6494791449189378204

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item