පැරිස් ප‍්‍රහාරයේ තවත් ප‍්‍රධාන සැකකරුවෙක් බෙල්ජියමේදී අත්අඩංගුවට
පැරිස් ප‍්‍රහාරයේ තවත් ප‍්‍රධාන සැකකරුවෙක් බෙල්ජියමේදී අත්අඩංගුවට ගත්තා. මොහමඩ් අබ්රිනී ලෙස හැඳින්වෙන මෙම සැකකරු බ‍්‍රසල්ස් ප‍්‍රහාරයට ද...
https://citynewslivelk.blogspot.com/2016/04/blog-post_9.html
පැරිස් ප‍්‍රහාරයේ තවත් ප‍්‍රධාන සැකකරුවෙක් බෙල්ජියමේදී අත්අඩංගුවට ගත්තා. මොහමඩ් අබ්රිනී ලෙස හැඳින්වෙන මෙම සැකකරු බ‍්‍රසල්ස් ප‍්‍රහාරයට ද සම්බන්ධ බවයි බුද්ධි අංශ පවසන්නේ. බ‍්‍රසල්ස් ගුවන් තොටුපළේ පිපිරීමට පෙර ආරක්ෂක කැමරාවල සටහන්ව තිබූ තොප්පියක් පැළඳ සිටි පුද්ගලයාගේ ඡායාරූප අබ්රිනිගේ බව විශ්වාස කෙරෙනවා. මෙම පිපිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකු ඊයේ(08) අත්අඩංගුවට ගත්තා. ඒ අතර සිටින ඔසාමා ලෙස හැඳින්වෙන සැකකරු ද බ‍්‍රසල්ස් ප‍්‍රහාරයට සම්බන්ධ බව තහවුරු වී තිබෙනවා.

