newssabaragamuvacom

ඉන්දියාවට ගිය ජනපතිට ඉහළ පිළිගැනීමක්

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනය පරිදි සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අ...

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනය පරිදි සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද ප.ව 5.00 ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්ධිරා ගාන්ධි  ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළගා විය.

ඉන්දීය රජය වෙනුවෙන් එරට නාවුක, මහාමාර්ග හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය පී. රාධාක්‍රිෂ්නන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා යන මහත්වරුන් ඇතුළු විශේෂ දූත පිරිසක් විසින් එහිදී ජනාධිපතිතුමාව මහත් හරසරින් යුතුව පිළිගත්හ.

ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් ද, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් ද, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සුදර්ශන සෙනෙවිරත්න මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියේය.






Related

News Alert 8479955678934765676

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item