දින 100 ජාතික වැඩසටහනින් සබරගමුවේ පවුල් 4492 ඉඩම් බලපත්‍ර හා දීමනාපත්‍ර
දින සියය ජාතික වැඩසටහන යටතේ රජය මඟින් ක්‍රියාත්මක, ඉඩම් බලපත්‍ර හා දීමනාපත්‍ර ප්රදානය කිරීමේ, සබරගමුව පළාත් උත්සවය අද (16) පැවැත්විනි. රජය...
https://citynewslivelk.blogspot.com/2015/03/100-4492.html
දින සියය ජාතික වැඩසටහන යටතේ රජය මඟින් ක්‍රියාත්මක, ඉඩම් බලපත්‍ර හා දීමනාපත්‍ර ප්රදානය කිරීමේ, සබරගමුව පළාත් උත්සවය අද (16) පැවැත්විනි.
රජය මගින් මෙම වැඩසටහන යටතේ දිවියින පුරා ඉඩම් බුක්තිය හිමි, එහෙත් එම ඉඩම් වලට නීතිමය අයිතිය නොමැති, දිවයිනේ පවුල් ඒකක තිස්දහස් හයසිය අසූ හතරක් (30684) ක් සදහා නීත්‍යාණූකූල ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර පිරිනැමීමට කටයුතු කර ඇත.
ඒ යටතේ සබරගමුව පළාතේ ,පවුල් ඒකක හාරදහස් හාරසිය අනූ දෙකක් (4492) සදහා ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර ප්රදානය කිරීම අද (16) සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී හා කෑගල්ල රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණී.
ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන,පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විනි.
මෙහිදී අදහස් දැක්වූ ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා සඳහන් කළේ නිත්‍යාණූකූල අයිතිය ඉදිරිපත් කළ නොහැකි නමුත් ඉඩම් බුක්තිය හිමි දිවයිනේ පවුල් ඒකක තිස්දහස් හයසිය අසූ හතරක් (30684) ක් සඳහා වත්මන් රජය විසින් එම ඉඩම් වලට ඉඩම් බලපත්‍ර හා දීමනාපත්‍ර ප්රදානය කිරිමට කටයුතු කර ඇති බවය.
ඒ අනුව දින සියය ජාතික වැඩපිළිවෙළට සමගාමීව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව දිස්ත්‍රික්කයක් පාසා මෙම ඉඩම් බලපත්‍ර හා දීමනාපත්‍ර ප්රදානය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවා ඇතැයි ඉඩම් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඒ යටතේ අද (16) රත්නපුර දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන්නේ මෙම වැඩසටහනේ දාහතර (14) වැන්නයැයි ඉඩම් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.
දින සියයයේ වැඩසටහනට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් ඒකක තුන්දහස් හත්සිය තිස් දෙකක් (3732) හා කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් ඒකක හත්සිය හැටක් (760) මෙලෙස ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර වලට හිමිකම් කියන බව සබරගමුව පළාත් ඉඩම් කොමසාරිස් පාලිත නානායක්කාර මහතා සදහන් කරයි.
මෙම අවස්ථාවට ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන,පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, පළාත් අමාත්‍ය රංජිත් බණ්ඩාර, පළාත් සභා මන්ත්‍රීවරුන්වන අසෝක ජයවර්ධන, රම්‍ය කුමාර වීරසිංහ, ප්‍රධාන ලේකම් හේරත් පී.කුලරත්න, ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.පී.රාජපක්ෂ, රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර, පළාත් ඉඩම් අමාත්‍යංශයේ ලේකම් සුනිල් පේමචන්ද්‍ර, පළාත් ඉඩම් කොමසාරිස් පාලිත නානායක්කාර යන මහත්වරු ද එක්ව සිටියහ.