අලි රේස්, තිරික්කල් රේස් ඇතුලත් කෑගලු වසන්තය බක් මහ උළෙල
අලි රේස්, තිරික්කල රේස් ඇතුලු ජනකාන්ත ක්‍රීඩා ඉසවු 37 න් සමන්විත කෑගලු වසන්තය සිංහල හින්දු බක් මහ උළෙල පසුගිය දා (11) දවස පුරා කෑගලු මහජන...
https://citynewslivelk.blogspot.com/2015/04/37-11.html
අලි රේස්, තිරික්කල රේස් ඇතුලු ජනකාන්ත ක්‍රීඩා ඉසවු 37 න් සමන්විත කෑගලු වසන්තය සිංහල හින්දු බක් මහ උළෙල පසුගිය දා (11) දවස පුරා කෑගලු මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විනි.
සබරගමු පළාත් සභාව සහ මහීපාල හේරත් ජන සහන පදනම එක්ව 31 වන වරටත් සංවිධානය කල කෑගලු වසන්තය සිංහල හින්දු බක් මහ උළෙල නැරඹීම සඳහා පසුගිය දා (11) දවස පුරා කෑගලු මහජන ක්‍රීඩාංගනයට දහස් සංඛ්‍යාත පිරිසක් එක් වූහ.
පා පැදි තරඟ, කාන්තා පිරිමි මැරතන් ධාවන තරඟ සඳහා අන් කවරදාකටත් වඩා වැඩි තරඟකරුවන්මෙවර එම තරඟ ඉසවු සඳහා ඉදිරිපත් වූ අතර මෙකල විරළ ගනයේ ක්‍රීඩා ඉසවුවක් වූ තිරික්කල ධාවන තරඟය සහ අලි ධාවන තරඟය ප්‍රේක්ෂකයින්ට විනෝදය මෙන්ම ත්‍රාසය ගෙන දුන් අපූරු අත්දැකීමක් විය.
අලි ධාවන තරඟය සඳහා අලි ඇතුන් තුන්දෙනෙකු තරඟ වැදිනි. ඉන් පළමු ස්ථානය මිල්ලන්ගොඩ නැමැති හස්තියාට හිමි වූ අතර දෙවැනි ස්ථානය රන්දෙනියේ ඇතින්නට ද තෙවැනි ස්ථානය කුමාරි නැමැති ඇතින්නත් හිමි කර ගත්තාය.
තිරික්කල ධාවන තරඟයේ ප්‍රථම ස්ථානය කඩුවෙල උදිත විජේසිරි පැද වූ තිරික්කලයට හිමි වූ අතර දෙවැනි ස්ථානය හෝමාගම නිමල් රෝහණ මහතා පැද වූ තිරික්කලයට හිමි විය. තෙවන ස්ථානය දිනා ගනු ලැබූයේ මීගමුවේ ඒ.සැම්සන් නැමැති ගැල් කරුවා පැදවූ තිරික්කලයටය.
කෑගලු කුමරිය, කෑගලු අයෝමය පුරුෂයා පිරිමි මෙන්ම කාන්තා කොට්ට පොර, ලිස්සන ගහේ නැගීම ඇතුළු සියළු ඉසවු සඳහා විශාල පිරිසක් තරඟ කල අතර බක් මහ උළෙල වර්ණවත් කරමින් ළමා ලපටින් සඳහා ඒකල සහ කණ්ඩායම් තරඟද සංස්කෘතික අංගද රැසක් සංවිධානය කර තිබිනි.
ජයග්‍රාහකයින් සඳහා ජය සංකේත සහ තිළිණ ප්‍රධානය සබරගමුව මහ ඇමති මහීපාල හේරත්, කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරු අතින් සිදු විය.