newssabaragamuvacom

තාක්ෂණ විද්‍යාගාරය සබරගමුවේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු එක්ව සිසු අයිතියට පවරයි

අධ්‍යාපන අමාත්‍යංශය මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ පිහිටි වලගම්බා මහ විද්‍යාලයේ ඉදිකල නව තාක්ෂණ විද්‍යාගාරය පසුගිය දා (07) සබරගමුව ප...

අධ්‍යාපන අමාත්‍යංශය මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ පිහිටි වලගම්බා මහ විද්‍යාලයේ ඉදිකල නව තාක්ෂණ විද්‍යාගාරය පසුගිය දා (07) සබරගමුව පළාතේ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පවරනු ලැබිණි.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතාවුද සෙනෙවිරත්න,වයි.ජි.පද්මසිරි,පළාත් විපක්ෂ නායිකා තුසිතා විජේමාන්න,පළාත් සභා මන්ත්‍රීවරුන් වන පරාක්‍රම අතාවුද,වත්සලා ජනාදරී පද්මසිරි යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

මෙම නව තාක්ෂණ විද්‍යාගාරය ඉදිකිරීම සදහා අධ්‍යාපන අමාත්‍යංශය ලක්ෂ 120 පමණ වැයකර ඇති අතර ඒ සදහා සපයා ඇති පරිගණක පද්ධති විද්‍යාගාර උපකරණ ඇතුළු සෙසු පහසුකම් සලසා ලක්ෂ 90 පමණ වැය කර ඇත.

කිතුල්මාල ,අල්පිටිය, හංගල, ගලපිටමඩ ,ඌරාපොල ඇතුළු ග්‍රාමිය ප්‍රදේශ රැසක ජීවත්වන සිසු ප්‍රජාවට හා ප්‍රදේශවාසීන්ට මෙමගින් ප්‍රතිලාභ හිමි වේ.

මෙම අවස්ථාවට රුවන්වැල්ල ප්‍රාදේශීය සභා සභාපති සුදත් මංජුල, වරකාපොල ප්‍රාදේශිය සභා සභාපති කීර්ති ශ්‍රී විජේතුංග යන මහත්වරු ද එක්ව සිටියහ.







Related

Sg News 6070071071490193750

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item