අධ්‍යාපය නැංවූ සබරගමු මහ ඇමැතිට මොරිසස් ජනරජයෙන් ජාතික පුෂ්ප සම්මානය
සබරගමුව පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය, සමාජ සංවර්ධනය හා ක්‍රීඩා කුසලතා නගා සිටුවීම වෙනුවෙන්, මොරිසස් ජනරජයේ වැඩබලන ජනාධිපති පරමා හිවුම් පිල්ලේ...
https://citynewslivelk.blogspot.com/2016/07/mahipala-herath.html
සබරගමුව පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය, සමාජ සංවර්ධනය හා ක්‍රීඩා කුසලතා නගා සිටුවීම වෙනුවෙන්, මොරිසස් ජනරජයේ වැඩබලන ජනාධිපති පරමා හිවුම් පිල්ලේ මහතා (Parama Hivum Pillay ) විසින් ඊයේ (19) මොරිසස් ව්‍යාපූරි (Vyapoory) පිහිටි පෝට් ලුයිස් සයින්ප් ච්ප්රිට් කොලේජ් (Port Louis Sainp Chprit Collage) හිදි එරට ජාතික පුෂ්ප( Trochetia Boutoniana -(Boucle d'Oreille) ) සම්මානය, ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාට ප්‍රදානය කරනු ලැබීය. මෙම සම්මානය ප්‍රදානය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ තුර්කිය ඇතුළු රටවල් 121 සම්න්විත MSQCC ජාත්‍යන්තර සංවිධානය මගින් සංවිධානය කරයි. එම සංවිධානය ලෝකයේ විවිධ රටවල් වල අධ්‍යාපන සංවර්ධනය හා ක්‍රියාකාරීත්වය පිළිබදව කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් වේ. මහීපාල හේරත් මහතා වෙත මෙම සම්මානය පුද කිරීමට පෙර දශකයකට ආසන්න කාලයක් සබරගමුව පළාත් අධ්‍යාපන, සමාජ සංවර්ධනය හා පාසැල් ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාලව ඒ මහතාගේ සිදු වූ මෙහෙය දැඩි විමසුමකට ලක්කර ඇත.
2005 වර්ෂය වන විට සබරගමුව පළාතේ අධ්‍යාපන මට්ටම දිවයිනේ හත්වන ස්ථානයේ පැවතිනි. නමුත් මේ වන විට සබරගමුව පළාත ශිෂ්‍යත්ව, අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගයන් වලින් දිවයිනේ මුල්තැනට පත්ව ඇත. මීට අමතරව පාසැල් ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් සබරගමුව පළාත දෙවන ස්ථානයට පත්ව ඇත. රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික් දෙකේ සමස්ත පාසැල් සංඛ්‍යාව 1125 වන අතර සබරගමුව පළාත් සභාව මගින් ඉන් පාසැල් 1197 පාලනය කරයි. සෙසු පාසැල් 28 ජාතික පාසැල් වේ. ගුරුභවතුන් 24,000 පමණ එම පාසැල් පද්ධතිවල සේවය කරන අතර ඉන් ගුරුභවතුන් 20,800 පමණ පළාත් පාසැල්වල සේවය කරති. සෙසු ගුරුභවතුන් ජාතික පාසැල් වලට අයත්ය.
2005 වර්ෂයේ මහීපාල හේරත් මහතා පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්වන විට රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පළාත් පාසැල් වල ගුරු පුරප්පාඩු 10 000 පැවතිනි.මේ වන විට එම සියලු ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරීන් සහ අධ්‍යාපන ඩිප්ලොමාධාරීන් බදවා ගෙන ඇත. මීට අමතරව සබරගමුව පළාතේ වසා දමා ඇති පාසැල් 26 පමණ නැවත විවෘත කිරීමට ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු කළේය. පළාත තුල ඇති දෙමළ පාසැල් සංඛ්‍යාව 204 පමණ වන අතර එම පාසැල් වල පැවති උග්‍ර ගුරු හිගයට ද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පිලියම් යොදනු ලැබීය.
එමෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය සදහා විද්‍යා,ගණිත සහ තොරතුරු තාක්ෂණ විෂයන් හැදැරීමට භෞතික හා මානව සම්පත් ප්‍රදානය කිරීමට ද සබරගමුව පළාත් සභාව කටයුතු කරනු ලැබීය. පාසැල් ක්‍රීඩා ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම උදෙසා ක්‍රීඩා උපකරණ ,ශරීර සුවතා මධ්‍යස්ථාන හා ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීමට මෙන්ම ක්‍රීඩා ගුරුභවතුන් බදවා ගැනීමට ද පළාත් සභාව කටයුතු කර ඇත. එමෙන්ම අධ්‍යාපන හා ක්‍රීඩා ක්ෂේත්‍රවලට අදාලව පළාතේ විදුහල්පතිවරු සහ ගුරුභවතුන් සදහා විදේශ ශිෂ්‍යත්ව වාර්ෂීකව ලබාදීමට පළාත් සභාව කටයුතු කරනු ලැබීය.
සබරගමුව පළාතේ අධ්‍යාපනය වෙනුවෙන් ඉටුකරන භෞතික හා මානව සම්පත් සම්පාදනය හේතුවෙන් සෙසු පළාත් අභිබවා සබරගමුවෙහි අධ්‍යාපනය හා පාසැල් ක්‍රීඩා ක්ෂේත්‍ර වලින් පෙරට පැමිණ තිබේ. සබරගමුව පළාතේ අධ්‍යාපනය ක්ෂේත්‍රය තුළ සිංහල ,දෙමළ,මුස්ලිම් යන සැමට සම අවස්ථාව සලසා දීම වෙනුවෙන් ඉටුකල මෙහෙය උදෙසා 2012 වර්ෂයේ දී ඉන්දියාවේ ලක්නව් නගරයේ CMS ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය මගින් මහත්මා ගාන්ධී සාම සම්මානය ද මහීපාල හේරත් මහතාට පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන අමාත්‍ය භාණූ මුණිප්‍රිය, පළාත් ප්‍රධාන ලේකම් හේරත්. පී. කුලරත්න, පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක සේපාල කුරුප්පුආරච්චි සහ රත්නපුර ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති පී.පී.පී. කළුබෝවිල යන මහත්වරු ද එක්ව සිටියහ.



