newssabaragamuvacom

නීතිය සැමට සාධාරණ විය යුතුයි - ජනපති කියයි

සැකකරුවන් ලෙස රිමාන්ඩ් භාරයට පත්වීමෙන් පසු වරප්‍රසාද ලත් එක් පිරිසකට පමණක් සිර ගෙදරින් රජයේ රෝහලක ගෙවන වාට්ටුවක් වෙන්වීම කොතෙක් දුරට සාධා...

සැකකරුවන් ලෙස රිමාන්ඩ් භාරයට පත්වීමෙන් පසු වරප්‍රසාද ලත් එක් පිරිසකට පමණක් සිර ගෙදරින් රජයේ රෝහලක ගෙවන වාට්ටුවක් වෙන්වීම කොතෙක් දුරට සාධාරණ දැයි පොදු ජනතාව තමාගෙන් ප්‍රශ්න කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එහු මේ බව කියා සිටියේ පසුගිය 12 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වූ 2016 ආසියා නීති සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි. 
ආසියා ශාන්තිකර නීති සමුළුව පිහිටුවා වසර 50ක් සපිරෙන ස්වර්ණ ජයන්ති උත්සවය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන අතර ඒ හා සමගාමීව පැවැත්වෙන නීති සමුළුව 13, 14, 15 යන දිනයන්හිදී කොළඹදී පැවැත්වෙනවා. 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක විය යුතු බවයි. එසේම රටේ නීතිය ස්වාධීනව හා අපක්ෂපාතීව ක්‍රියාත්මක වීම ජනතාව අපේක්ෂා කරන බවයි. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එම රටේ නීතිය ශක්තිමක් කිරීමේ ප්‍රබල සාධකයක් බවද පැවසූ ජනාධිපතිවරයා නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමේදී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන අංශ තුනම සිය වගකීම් සහ යුතුකම් මැනවින් ඉටු කළ යුතු බවද අවධාරණය කළේය. 
නීතියේ විසඳුම් ප්‍රමාදයකින් තොරව පොදු ජනතාවට ලබාදීම සඳහා අවශ්‍ය වැඩපිලිවෙළ මේ වන විට සැකසෙමින් පවතින බවත් ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.  එසේම සැකසෙමින් පවතින නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ නීතිය සුරකින් මානව සමාජය පෝෂණය කරන හා සුරක්ෂත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. 
අගමැති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍යවරුන් වන විජයදාස රාපජක්ෂ, ජෝන් අමරතුංග, චන්දිම වීරක්කොඩි මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. එසේම අගවිනිසුරු ඇතුළු දෙස් විදෙස් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක්ද නීති සමුළුවේ සම සභාපති උපුල් ජයසූරිය මහතා ඇතුළු එහි සාමාජිකයන්ද මේ සඳහා එක්ව සිටියා. 
















Related

News Alert 7003430356920135747

கருத்துரையிடுக

emo-but-icon

CRICKET LIVE UPDATE

SMS NEWS ALERT

item