වරායේ සේවකයන්ගෙන් නිපැයුමක්
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහලු මෙහෙයුම් අංශයේ JCT 03-04 සේවකයින් විසින් සාදා නිමකරන ලද ලෝ බෙඩ් ට්‍රේලර් යන්ත්‍රය (Low Bed Traller) එම අංශය...
https://citynewslivelk.blogspot.com/2016/08/blog-post_31.html
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහලු මෙහෙයුම් අංශයේ JCT 03-04 සේවකයින් විසින් සාදා නිමකරන ලද ලෝ බෙඩ් ට්‍රේලර් යන්ත්‍රය (Low Bed Traller) එම අංශයේ මෙහෙයුම් කටයුතු සඳහා ප්‍රදානය කිරීම සහ වරාය සේවක විවේකාගාරය විවෘත කිරීම අද (31දා) වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ ජල බහලු පර්යන්තයේදී සිදුවිය.
වරාය බහලු මෙහෙයුම් අංශයේ සේවකයන්ගේ දායකත්වයෙන් මෙය නිපදවූ නිසා ඉතා අඩු පිරිවැයකින් මෙම ලෝ බෙඩ් ටේලර් යන්ත්‍රය නිමකිරීමට හැකි වී ඇත. මෙම අවස්ථාව සඳහා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මහතා ඇතුළු අධ්‍යක්ෂකවරුන්, සේවකයන් රැසක් එක්ව සිටියහ.