ප්‍රියා සූරියසේනට “ඈත රන් විමන් තුළින්” ගැයීමට තහනම් කරයි
ප්‍රවීණ ගායක ප්‍රියා සූරියසේන ගායනා කරන “ඈත රන් විමන් තුළින්” ගීතය ගායනා කිරීම තහනම් කරමින් අළුත්කඩේ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේ...
https://citynewslivelk.blogspot.com/2016/08/priya-sooriyasena.html
ප්‍රවීණ ගායක ප්‍රියා සූරියසේන ගායනා කරන “ඈත රන් විමන් තුළින්” ගීතය ගායනා කිරීම තහනම් කරමින් අළුත්කඩේ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එම ගීතයේ ප්‍රබන්ධක ෂෙල්ටන් වීරරත්න මහතා විසින් තමා 1965 දහහත් හැවිරිදි වියේදී මෙම ගීතය ප්‍රබන්ධ කරමින් ක්‌ලැරන්ස් විඡේවර්ධන මහතාට භාර දුන් බවත් ඔහු තම මූන්ස්‌ටෝන් ගායක කණ්‌ඩායම සමඟින් ගායනා කළ අතර 1967 දී එය තැටිගත කර ඇති බවත් ප්‍රියා සූරියසේන මහතා විසින් එම ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ප්‍රබන්ධ කර ඇති බව විද්යුත් සහ ගුවන් විදුලි මාධ්‍යවලට ප්‍රකාශ කිරීම නිසා තමාගේ කීර්ති නාමයට විශාල හානියක් සිදු වී ඇති බැවින් තමාට කෝටියක මුදලක් බුද්ධිමය දේපළ පනත යටතේ ලබාදෙන ලෙස ඉල්ලා නඩු පවරා තිබෙනවා.
නඩුව අවසන් වන තුරු ගීතය ගැයීම තහනම් කර ඇත.
